පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් මාසිකව තවත් රු. බි. 2.5ක් ගෙවිය යුතු මුදලට එක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
වත්මන් රජය දේශපාලන වේදිකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කියූවත් රජය ඉන්ධන හා තාප බලාගාර මාෆියාවේ අතකොළුවන් බවට පත්ව ඇති බවත් මේ නිසා තාප බලාගාර හා ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 100ක අධික මුදලක් වැය වුවත් ඒ සඳහා මුදල් වෙන් කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
වහල මත සවිකරණ සූර්ය බලය හැර සුළං කුඩා ජල විදුලි සහ ජෛව ස්කන්ධ ආදී ව්‍යාපෘති 389ක් අනතුරට ලක්ව ඇති බවත් සමස්ත විදුලි පද්ධතියට මෙගාවොට් 1073ක් ලබා දෙන බවත් බාල ගල් අගුරු දූෂිත ව්‍යාපෘතිය තුළ රටට විශාල මුදලක් දිනපතාම අහිමි වන බවත් අහිමි විදුලිය නිෂ්පාදනය කළේ ඉන්ධන බලාගාර හරහා ඉහළ පිරිවැයකට බවත් දහවල් කාලයේ විදුලි ඉල්ලුමෙන් 70%කට වඩා සපුරන පුනර්ජනනීය බලශක්තිය රටේ විදේශ විනිමය සුරක්ෂා කරන බවත් මේ පුර්ජනනීය බලශක්තිය ඉලක්ක කර ගෙන රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
පුනර්ජනනීය බලශක්තිය පෙරටු කර ගෙන ඡන්දය ගෙන දැන් තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඇති බවත් දැන් මේ පුනර්ජනනීය බලශක්ති හිමියන් බැංකුවලට පවා ණය වී ආයොජන විශ්වාස පවා බිද වැටී ඇති බවත් මේ සදහා ආයෝජනය කරන්න සූදානම්ව සිටි ව්‍යවසායකයන් පවා අධෛර්යමත් වී ඇති බවත් මේ වැරදි ක්‍රියාවෙන් දැන්වත් ඉවත්වන ලෙසත් ලෝකයම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරද්දි පවා තාප බලාගාරය ප්‍රවර්ධනය කරන ලෝකයේ ඇති එකම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බවත් මේ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.
Lanka Newsweek © 2026